Название: සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක)
Автор: Amy Blankenship
Издательство: Tektime S.r.l.s.
Жанр: Ужасы и Мистика
isbn: 9788835429500
isbn:
ට්‍රෙවර්ට මුහුණ දීමට බලා පොරොත්තු නොවූ ඇය, මොහොතකට තම දෑස් පියාගෙන රාගයේ ශබ්දය ලෙස පමණක් හැඳින්විය හැකි සංගීතය සමඟ සෙමින් නැටුවාය.
තම ශරීරයට ස්පර්ශයන් ක්‍රම ක්‍රමයෙන් නිර්භීත ලෙස දැනෙන බව ඇයට වැටහුන විට, එන්වී තම ඇස් ඇර බැලූ අතර, පිරිමි පපු ප්‍රදේශ කිහිපයක් ඇයගේ නෙත ගැටුණි. සමහරු බොත්තම් රහිත කමිස මගින් තම පපු පෙදෙස නිරාවරණය වනලෙස සිටි අතර තවත් සමහරු සිරුරට තදවන ඇඳුම් ඇඳ සිටි අතර ඔවුන්ගේ එම ඇඳුම්ද ආකර්ෂණීය විය. ඔවුන්ගේ ඇස් දෙස බැලීමට බියෙන් ඇය ඔවුන්ගේ මුහුණ දෙස බැලීමට එඩිතර නොවූවාය.
මදක් කල්පනා කල ඇය පසුපසට යාමට පටන් ගත් අතර ඔවුන්ද ආකර්ෂණීය නර්තනයේ යෙදෙමින් ඇය පසුපස යන විට ඇය එය නොසැලකුවාය. මැද තිබුනාවූ කූඩුවේ සීතල යකඩ ඇයගේ පිටුපසට දැනුන ඇය සෙමෙන් හිස හරවා කුඩා වේදිකාව දෙස බැලුවාය. එහි සිටි පිරිමියා ඔහු සමඟ සිටි තරුණියව දණගැසීමට සලස්වමින් සිටි අතර ඔහු ඇයගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටියේය.
ඔවුන් දෙදෙනාගේ බැල්ම එකිනෙකා සමග අගුළුලා සිටින විට මුළු කාමරයම මැකී යන බවක් පෙනෙන්නට තිබුණි. ඔහු ඇය දෙස බලා සිටි ආකාරයෙන් එන්වීට හැඟුනේ ඇය ඔහුට යටත් වී ඇති බවකි. ඔහුගේ කළු ඉංගිරියාව වටා ඉතා ඝන කළු වලල්ලක් සහිත අයිස් වන් නිල් පැහැති ඇස් ඔහුට තිබුණි. ඇයට සිතුනේ එතරම් විශ්මය ජනක හෝ දැඩි ඇස් මෙතෙක් දැක නැති බවයි. ඇයට පැය ගණන් ඒවා දෙස බලා සිටිය හැකි අතර එහි කෙළවරක් නොමැති බව හැඟී ගියෙන් එම සිතුවිල්ල ඇයව බිය ගැන්වීය.
ඔහුගේ බැල්මෙන් එන්වීට හැඟීගියේ ඇය නිරුවතින් සිටින ආකාරය ඔහු දකින බවයි. ඔහුගේ දෑස් ඇගේ ශරීරය පුරා සැරිසරන ආකාරය සහ සමහර ස්ථාන වල රැඳී සිටි ආකාරය මගින් ... ඔහුගේ දෑත් එම ස්ථාන ස්පර්ශ කරන බවක් ඇයට දැනෙන්නට විය. කූඩුවේ පොලුවල එල්ලී СКАЧАТЬ