සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship
Чтение книги онлайн.

Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 19

СКАЧАТЬ අයදුම්පතක් ඉදිරිපත් කරන්නයි හිතුවේ.”

      "අපරාදේ" කී ඩෙවෝන් සිනාසෙමින් ඉදිරියට ගොස් මේසයෙහි තිබූ ලාච්චුවක් විවෘත කළේය. ඔහු අයදුම්පතක් ගෙන ඇයට භාර දුන්නේය. ඇය තවමත් ඇගේ නම ඔහුට පවසා නොතිබුණි, නමුත් ඇය ලවා ඔහු අයදුම්පත පුරවා ගත්විට, ඔහුට අවශ්‍ය සියලු තොරතුරු ඔහු සතුවනු ඇතිබව ඔහුට සිතුනි. එලෙසම ඇය නයිට් ලයිට් සඳහා වැඩ කර නොමැති බවට වග බලා ගැනීමට ද ඔහුට අවශ්‍ය විය.

      ඔවුන් විසින් මිනිසුන්ව හොර රහසේ රහසේ තම සමාජ ශාලාවට එවීම නිසා ඔහු වෙහෙසට පත්වී සිටියේය. කූගර්වරු සහ ජගුවර්වරුන් අතර මිත්‍රකම අවසන් කළේ ක්වින් විසිනි, එබැවින් ඔහුට හැඟී ගිය පරිදි කූගර්වරුන්ට ඔවුන්ට පාඩුවේ සිටින්නට ඉඩ දී සිටිය යුතුව තිබුණි.

      නයිට් ලයිට් හි කිසියම් කෙනෙකු විසින්, ඔවුන් සේවයට බඳවා ගත් අවසන් පුද්ගලයා ඔවුන් වෙත එවා තිබූ අතර, දැන් ඇයව කිසිවෙකු විසින් ඝාතනය කර ඇති විට, කූගර්වරු එයට පිළිතුරු ලබා ගැනීම සඳහා සඳ රැඟුම දෙස බලා සිටියහ. ... පොලිස් භටයින් ද එසේ විය. ඔහුගේ වාසනාවට, ඇය මෙහි වැඩ කළ එකම රාත්‍රිය එය වූ අතර, ඔහු සමඟ කූඩුවට ඇතුළු වීමට ඉඩදෙන ලෙසද ඇය ඉල්ලා සිටියාය.

      ඇයට දිගු වේලාවක් කාමරයේ ගත කිරීමට හැකි හොඳම ක්‍රමය තේරුම්ගත් ඩෙවෝන් මේසය යටින් පුටුව ඇද එලියට ගත්තේය. "ඔයාට දැන් මේක පුරවන්න පුළුවන්. සමහර විට රාත්‍රිය ඉවර වෙනකොට ඔයාට වෙනත් රස්සාවක් ලැබෙන්නත් පුළුවන්.”

      එන්වී පුටුවේ අසුන් ගත්තද, මුහුණ ඔසවා මොනිටරය දෙස බැලුවේ නළල රැලි ගන්වමිනි. "ඔයා හිතන්නේ මේකේ අයිතිකාරයා මම ට්‍රෙවර්ව ටේසර් කරනවා දැක්කා කියලද?" එම දර්ශනය කෙබඳු විය හැකිදැයි සිතමින් ඇය ඇගේ යටි තොල සපා ගත්තාය. "ඇත්තටම මම එහෙම නොකෙරුවානම් හොඳයි."

      ඇය සමඟ මොනිටරය දෙස බලනවාක් මෙන් ඩෙවෝන් ඇගේ පුටුවේ පිටුපසට හේත්තු විය. ඔහුගේ තොල් ඇගේ කන ළඟට තබා ඔහු ඇසුවේ, "අයිතිකාරයා දැකලා ඒ ගැන ඔයාගෙන් СКАЧАТЬ