සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship
Чтение книги онлайн.

Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 14

СКАЧАТЬ ජේසන් සිටින බව අමතක විය. ඇගේ ලෝකඩ දුඹුරු පැහැය සහ ඇගේ උරහිස් අතරින් ඇගේ උකුල දක්වාම විහිදුන ඉතා තද අඳුරු හිසකෙස් සමග ඇයගේ පෙනීම විශ්මය ජනක විය. ඇයගේ දෑස් ඊට ප්‍රතිවිරුද්ධ විය. ඒවා ලා නිල් පැහැති වූ අතර ඇස් වටකර කළු පැහැයෙන් ඇඳ තිබුණි.

      "කරුණාකර සෝඩා එකක් දෙන්න" යනුවෙන් ඔහු පැවසූ විට ඔහුගේ බැල්ම යොමු වූයේ ඇයගේ පිරී තිබුනාවූ තොල් දෙසටය.

      "අද රෑ බොන්නේ නැද්ද?" චැඩ්ගේ දෑස් කැට් වෙත යොමු වී ඇතිබව තේරුම්ගත් ජේසන් තම මිතුරා දෙස නොබලන්නට උත්සාහ කරමින් ඇසුවේය. සියලුම ගැහැණු ළමයින් පොලිස් නිලධාරීන්ට කැමති ඇයි?

      “නැහැ, මට හිතෙනවා මේ වෙලාවේ මම සන්සුන්ව ඉන්න ඕනේ කියලා. මම ට්‍රෙවර්ට ඇත්තටම කැමති නැති නිසා මම එන්වීට සෙල්ලම් කරන්න මගේ ටේසර් එක දුන්නා.” ජේසන් දෙස බලා සිනහවක් දැක්වීමට ඔහු අමාරුවෙන් තම දෑස් තරුණියගෙන් ඉවත් කරගත්තේය. "අනික මම ආවේ පොලිස් වාහනයෙන්." ජේසන් සියල්ල තේරුම් ගනීවි යැයි ඔහු දැන සිටියේය.

      චැඩ් ඇයට විස්සේ නෝට්ටුවක් දුන්විට කැට් හිස සැලූ අතර ජේසන් සමඟ එක්වීමට පිටත්ව යාමට පෙර එහි ඉතුරු මුදල් තබා ගන්නා ලෙස ඇයට කීවේය. ගැහැණු ළමයින්ගේ හෝමෝන වලට එම පිරිමි ළමයින් දෙදෙනා අනතුරුදායක විය හැකිය. ජේසන්ගේ දිග වැලි දුඹුරු පැහැති හිසකෙස් සමග බේ වොච් හි සිටින නිරූපකයෙකුගේ මුහුණ සහ ශරීරය තිබුණි.

      ඔහුගේ අවධානය ලබා ගැනීමට බොහෝ ගැහැණු ළමයින් උත්සාහ කරනු ඇය දැක තිබුණි. ජේසන් ඔවුන් කිසිවෙකුත් ගණන් ගත් බවක් නොඇඟවූ අතර ඔහුගේම සිතුවිලි අතර අතරමං වූ බවක් පෙනෙන්නට තිබුණි... එලෙස සිදුවූයේ ඔහු තම හොඳම මිතුරා වන චැඩ් සහ ඔවුන් දෙදෙනාම ඉතා ආරක්‍ෂිතව කතා කළ ගැහැණු ළමයා ගැන ඇයට පැවසීමට පටන් ගන්නා තුරුය.

      ඇයට එවන් දෙයක් මඟ හැරී තිබිණි, ඇගේ සොහොයුරන් හැර වෙනත් කෙනෙකු ඇය ගැන එතරම් ආරක්‍ෂිතව සොයා බැලීම. ඇය සෙමෙන් ඇසිපිය හෙලමින් ක්වින්ගේ ප්‍රතිරූපය තම මනසින් СКАЧАТЬ