සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක). Amy Blankenship
Чтение книги онлайн.

Читать онлайн книгу සඳ නර්තනය (රුධීරයේ බැඳීම පොත් අංක එක) - Amy Blankenship страница 10

СКАЧАТЬ තුවක්කුව සහ ලාංඡනය ඒ වන විටත් තම කාරයේ තිබූ හෙයින් චැඩ් කුඩා ටේසරය හෙවත් කුඩා විදුලි ධාරාවක් මගින් ජනිතවන කම්පනය තුළින් තම ඉලක්කයන් අක්‍රිය කිරීමට හැකි උපකරණය ගෙන, එය ඔහුගේ කලිසමේ පිටුපස ඉණ පටියට තද කළේය. නරක දේ එහි සිදු වෙමින් පවතින නිසා, ඔවුන් සමාජ ශාලාවේ සිටියදී යම් දෙයක් වැරදී ගියහොත් එන්වී හට එය ලබා දීමට ඔහුට අවශ්‍ය විය.

      ඔහුගේ කාමරයෙන් එළියට ආ ඔහු ශාලාව දෙස බැලූ අතර ඔහුගේ සහෝදරිය දුටු විට ඔහු ගල් ගැසී සිටියේය. කලවා මැදින් පහළට පලා තිබූ කළු පැහැති, සමින් නිමවූ සායක් ඇය ඇඳ සිටි අතර කළු ලේස් කමීසය පපුවෙන් පහලට විහිදී අවශ්‍ය ස්ථාන වැසීමට කළු සම් කැබලි අල්ලා තිබිණි ... ඒවා ඇගේ පියයුරු සැඟවීමට සමත්වූ අතර සිහින් උදරය සහ නාභිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

      එලෙසම වළලුකර වටා දම්වැල් බැඳ තිබූ, දණහිසට මදක් උස්වූ කළු පැහැති සම් සපත්තු යුගලයක්ද ඇය පැළඳ සිටියාය. වසර ගණනාවකට පෙර ඔවුන්ගේ මව දුන් ඇමතේස්ත ගලකින් යුතු පෙන්ඩන්ටයක් සමගින් යුත් මාලයක් අයගේ ගෙල වටා විය. ඇගේ රතු කෙස් කළඹේ ඉතා ඉහලින් පෝනිටේල් එකක් බැඳ තිබූ අතර සමහර කෙස් ඇයගේ එක් උරහිසක් මතින් වැටී තිබුණි.

      ඇගේ වේශ නිරූපණය රසවත් ලෙස පෙනුනේ කළු පැහැති ඇස් වටා ඇඳි රේඛාවකින් සහ තද පැහැති තොල් ආලේපන සමගිනි. ඇය ආධිපත්‍ය පතුරවා ගත් කෙනෙකු මෙන් දිස්වූවාය.

      "අපොයි, අපි ලේ බොන්න වගෙයි, එහෙම නේද?" චැඩ් ඇහි බැම හකුළුවමින් ඇය දෙස බලමින් ඇසුවේය. ඇයගේ සුරක්ෂිතතාව උදෙසා රාත්‍රි ගමන අවලංගු කර නැවත ඇගේ කාමරයට යනමෙන් ඉල්ලා සිටීමට ඔහුට සිත්දුනි.

      “හොඳයි, මම තීරණය කළා,” එන්වී තම සියුම් ඇහි බැම ඉහළට ඔසවා කීවාය, “මම ට්‍රෙවර් ගැන හෝදිසි කරාට පස්සේ, මම විනෝද වෙන්නයි යන්නේ! මේ දැන් ඉඳන් මම එක කොල්ලෙක් එක්ක සබඳතා පවත්වන්නේ නැහැ. මට පෙම්වතෙක් එපා ... මට එයාලා ගොඩක් ඕන! එතකොට එක්කෙනක් СКАЧАТЬ