“ම්ම්ම්, මිල්ක්ෂේක්!”
“නෑ, හෙන්ග්, මිල්ක්ෂේක් පස්සේ, දැන් ඔයාට ළමයගේ කොටස.”
“ම්ම්ම්, ළමයගේ කොටස, නියමයි, භාගෙට උයලා…”
ඩා පුදුමයට පත් වූ අතර සියල්ල මනසේ සටහන් කර ගත්තාය.
බාබකියු කිරීමට වැන් මස් උඳුන මත දැමූ විට, හෙන්ග් තම කන්නාඩි යුගල ගලවා ගත්තේ ක්‍රම ක්‍රමයෙන් අඩුවී යන ආලෝක තත්ත්වය මැද සියල්ල පැහැදිලිව දැක ගැනීමටය. ඔහුගේ දෑස් දැවෙන රතු පුලිඟු ලෙස දිලිසුන අතර ඒ දුටු දරුවන් දෙදෙනා වෙවුලුවේ බියෙන් සහ කිසිවක් තේරුම්ගත නොහැකි ලෙසය.
.එහි සිටින සෑම කෙනෙකුම තැම්බෙන එළවලු සහ මස් පිසින විට නැගෙන සුවඳ ඉතා අපූරු බව කිව හැකි වූවත්, හෙන්ග් පළමුව කතා කළේය.
“ළමයාගේ සුවඳ දැන් නියමයි! ලේ ටික පුච්චලා දාන්න එපා. හෙන්ග්ට අවශ්‍ය වන්නේ මස් ටික බාගෙට උයලා… එළවළු එපා, ගඳ විතරයි.”
“ඔව්, හෙන්ග්, මම දන්නවා, බාගෙට උයලා, නමුත් අමුවෙන් නෙමෙයි. මේක තාමත් අමුයි, ඔයා තව විනාඩි දෙක තුනක් ඉන්න.”
“නෑ මඩ්, මම මේ වගේ කන්නම්. දැන් නම් ඒකෙ සුවඳ ඉතාම හොඳයි, නමුත් ගතවෙන සෑම විනාඩියකදීම ඒකෙ සුවඳ අඩු වෙනවා. මට දැන් කන්න ඕනේ.”
“හරි, හෙන්ග්, ඔයා කැමති විදිහට කරන්න. ඔයාගේ මස් එක්ක එළවලු හරි ස්පැගටි හරි ඕනෙද?”
“නැහැ, මස් විතරයි, ඕනේ හාවාව මිසක්, හාවාගේ කෑම නෙමෙයි.”
වැන් ගින්නෙන් මස් කැබලි දෙක ගෙන, එකක් හෙන්ග් වෙත පිඟානක් මත තබා දුන්නේය.
“ඔන්න, පෝ, ඒත් මට නම් තාම ඒක ලේ පාටයි. අපි වගේම ඔයත් හැම වෙලේම මස් කෑවේ හොඳට උයලා.”
හෙන්ග් පිඟාන රැගෙන, ඔහුගේ හාවෙකු මෙන් ගැහෙන නාසයට සමීප කොට එහි සුවඳ බැලුවේය. ඉන්පසු ඔහු පිඟාන උකුල මත තබා කුඩා මස් කැබැල්ල අත් දෙකෙන්ම රැගෙන නැවත නාසය වෙත එසෙව්වේය.
“අලංකාරයි, СКАЧАТЬ