Название: මළවුන්ගේ මධ්‍යස්ථානය
Автор: Owen Jones
Издательство: Tektime S.r.l.s.
Жанр: Зарубежные детективы
isbn: 9788835432630
isbn:
සාප්පු හිමියන්ට සහ කාර්ය මණ්ඩලයට සිදු වූ හානිය ඉතා භයානක වූ නමුත් ගොඩනැගිල්ලට වූ සත්‍ය හානිය ගණන් ගත නොහැකි තරම් සුළු විය. මන්දයත් ස්වර්ණාභරණ දෙපාර්තමේන්තුව අවට බිත්ති මෑතකදී කිරිගරුඬ පුවරු වලින් ආවරණය කර තිබූ අතර ඒවා පිපිරීමට හොඳින් ඔරොත්තු දී තිබිණි. එලෙසම බෝම්බය නිර්මාණය කර තිබුනේ මිනිසුන් ඝාතනයට මෙන්ම ඔවුන්ව අංගවිකල කිරීමේ පරමාර්ථයෙන් විනා ගොඩනැගිල්ලට ව්‍යුහාත්මක හානියක් සිදු නොකිරීමටය.
පුපුරණ ද්‍රව්‍යය වටකර ඔතා තිබූ මිලිමීටර හයක විෂ්කම්භයකින් යුත් යකඩ බෝල මිනිසුන් විනාශ කිරීමට හා ප්‍රදර්ශන කැබිනට්ටු වල තද වීදුරු පසාරුකර යාමට තරම් බරින් යුක්ත වූ නමුත් බිත්ති හෝ සිවිලිම් පහළට ගෙන ඒමට නොහැකි විය. කෙසේ වෙතත්, බොහෝ අය ඒ ගැන දැන නොසිටි අතර ටෝනි ද එය දැන නොසිටියේය.
පිපිරීම පිළිබඳ විමර්ශන එදිනම සවස ආරම්භ වූයේ ගබඩාවේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ඔවුන්ගේ කැමරාවල පටිගත කිරීම් පොලිසියට භාර දුන් විට සිද්ධියට වගකිවයුත්තන් සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහාය.
නිරීක්ෂණ කැමරා, ඉතා පැහැදිලිව පෙනෙන ‘ග්ලිටර් ග්ලෝබ්’ හෙවත් සිවිලිමේ එල්ලා ඇති ගෝල මත සවි කර තිබූ අතර, ඒවා හය බැගින්, සිවිලිමෙන් එල්ලා, ගබඩාව වටා ඇති සෑම අංගයක්ම කැමරාවකින් ආවරණය වන ලෙස සවිකර තිබිණි. සෑම කැමරාවක්ම සෑම විටම පටිගත කර නොතිබුණි. සෑම කැමරාවක්ම ‘ක්‍රියාත්මක’ වුන අතර එකකින් පටිගත කිරීම් ආරම්භ වී තත්පර දහයකට පසු ඊළඟ කැමරා කාචය මගින් පටිගත කිරීම් සිදුවුනි. විවිධ කෝණවලින් සහ විවිධ නාභිගත ස්ථානවලින් ගබඩාවේ සෑම ස්ථානයක්ම පාහේ නිරීක්‍ෂණයට ලක්වන පරිදි ග්ලෝබ් ස්ථාපනය කර තිබූ අතර පටිගතවීම් මාරුවීමද සකසා තිබිණි.
СКАЧАТЬ